සජිත් ආපහු එජාපයට එනවා නම් එතුමා යටතේ වැඩකරන්න මට කිසිම චකිතයක් නෑ - නවීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

සජිත් ආපහු එජාපයට එනවා නම් එතුමා යටතේ වැඩකරන්න මට කිසිම චකිතයක් නෑ - නවීන්

සජිත් ප්‍රේමදාස මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණෙන්නේ නම් ඔහු යටතේ ඉදිරියට වැඩ කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු චකිතයක් නොමැති බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.

"මගේ පෞද්ගලික මතය මම කියන්නම්. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයට ආයෙත් එනවා නම් එතුමා යටතේ වැඩකරන්න මට කිසිම චකිතයක් නෑ. ඒක මං පැහැදිලිවම කියන්නම්. ගාමිණී දිසානායක මැතිතුමාත් ගිහිල්ලා ආයෙත් පක්ෂෙට ආවා. ඕනෑම කෙනෙක්ට නායකත්වයට එන්න පුළුවන්, ඒක ගැටළුවක් නෑ ඉතිං" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) නුවර එළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad