අන්තවාදීන්ගේ සහාය නොමැතිව ආණ්ඩු හැදූ තමන් ඇතුළු පිරිස් ඉදිරියේ ද රජයට අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හිරු tv බලය වැඩසටහන හා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරණයට පෙර මෙවැනිම හිරු බලය වැඩසටහනක් හා එක්වෙමින් අසාත් සාලි, රිෂාඩ් බදියුඩීන් වැනි පිරිස් සිටින ආණ්ඩුවකට සම්බන්ධ නොවන අතරම සිය සහය ලැබෙන ජනපති අපේක්ෂකයාට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර සිටි බවයි. එය එලෙසින්ම එදා ඉටු කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.
තමන් සහ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරා කටයුතු කළ අතර ආණ්ඩුව බිහි කිරීමට දැක්වූ දායකත්වයම ආණ්ඩුව හරිමග ගෙන යාමට ද දක්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
නීතිඥ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කල අතර විපක්ෂය නියෝජනය කරමින් පාලිත රංගේ බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් ද මෙම වැඩසටහන හා එක් විය.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
Sunday, August 2, 2020
අලුත් ආණ්ඩුවට අන්තවාදින්ගේ සහය ගන්නේ නෑ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment