මහනුවර ප්‍රදේශ කිහිපයක විශාල ශබ්දයක් සමඟ භූමියේ සෙලවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

මහනුවර ප්‍රදේශ කිහිපයක විශාල ශබ්දයක් සමඟ භූමියේ සෙලවීමක්

මහනුවර ප්‍රදේශ කිහිපයක විශාල ශබ්දයක් සමඟ භූමියේ සෙලවීමක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අසාමාන්‍ය ලෙස භූමියේ සෙලවීමක් ඊයේ (29) රාත්‍රීයේ වාර්තා වී තිබේ.

ඊයේ රාත්‍රී 8.30න් අනතුරුව මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.

මහනුවර අනුරගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවට විශාල ශබ්දයක් සමඟ මෙම භූමියේ සෙලවීම දැනී ඇත.

මෙම සිදුවීම භූ චලනයක් නොවන බව භූවිද්‍යා සමික්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද දිනයේ සිදුකරන බව ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad