සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා…

බන්ධනාගාරගතව සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ඊයේ (29) දින යාපනයේදී විරෝධාතවක් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා දෙමළ ජාතික ජනතා පෙරමුනේ සංවිධානතවයෙන් මෙම විරෝධතාවය පැවත්වීය.

එහිදී විරෝධතාකරුවන් වැඩි දුරටත් පවසා සිටියේ වසර ගණනක් පුරාවට හේතුවක් නොමැතිව බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් මේ අවස්ථාවේ හෝ නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවටත් දේශපාලන සිරකරුවන්ගේ ඥාති පවුල් විශාල පිරිසක් මේ වන විටත් ගැටලු රැසකට මුහුණ පා පීඩා විඳින හෙයින් කොන්දේසි විරහිතව අදාල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට වත්මන රජය කඩිනමින් පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad