ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් - මන්නාරමට හිරු මුදුන් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් - මන්නාරමට හිරු මුදුන් වෙයි

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් - මන්නාරමට හිරු මුදුන් වෙයි

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. 

අද (30) දින දහවල් 12:10ට තල්යුපාඩු, මන්නාරම, මුන්ඩුමුරිප්පු සහ තෙන්නමරවාඩි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමෙන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad