රාජ්‍ය ඇමැතිවරුන් 13කගෙන් ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

රාජ්‍ය ඇමැතිවරුන් 13කගෙන් ඉල්ලීමක්

රාජ්‍ය ඇමැතිවරුන් 13කගෙන් ඉල්ලීමක්
රාජ්‍ය ඇමැතිවරුන් දහතුන් දෙනෙක් මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවාස පහසුකම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ වෙන විටත් ඇමැතිවරු 7 දෙනකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිල නිවාස ලබා දී තිබේ.  
නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 70ක පමණ පිරිසක් නිල නිවාස සදහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලුම්කර ඇති කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවශ්‍ය දුර ප්‍රමාණය සහ ප්‍රමුඛතාවය අනුව එම නිවාස ලබාදීමට වැඩපිළිවෙළ ‌මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ.

දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සතුව නිවාස 72ක් පවතින අතර එයින් 20 ක් ලෝරිස් පාරේ පිහිටා ඇත. මෙම නිවාසවල ඇමැතිවරුන්ට අමතරව හිටපු ජනාධිපතිවරු, අගමැති ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රබලයන්ට ද පදිංචිය සඳහා ලබා දෙනු ලබයි.  

කොළඹ හා අවට පදිංචි රාජ්‍ය ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමක් සිදු නොවන අතර නිල නිවාසවල හිටපු ඇමැතිවරු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.  
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මෙම තත්ත්වය ඉතාමත් බරපතල බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad