අගමැති මහින්දට අසාධ්‍ය යයි සමාජ ජාල වාර්තා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

අගමැති මහින්දට අසාධ්‍ය යයි සමාජ ජාල වාර්තා !

මනට හොඳටම අසනීප වී ඇති බවට සමාජ ජාලා වල වාර්තා පල වන්නේ යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් ඇදක් මත ඔක්සිජන් දෙන පින්තූරයක්ද සකස් කර අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට එම වාර්තාවල ප‍්‍රචාරය කරමින් ඇතැයිද ඔහු පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසාන ජන රැුලිය මාතර වැලිගමදී අමතමිනි.

තමනට අසනීප ඇතැයි කියන ඇයගේ අසනීප සනීප කරවීමට ද තමන්ට හැකි බව ඔහු එහිදී සඳහන් කළේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම සදහා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad