වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් විසින් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට වරායට පැමිණි එක නැවකින් වාහන 121ක්ද තවත් නැවකින් එක් වාහනයක් ලෙස එම වාහන එවා ඇති බවද මෙම වාහන 122 අතර කුඩා මෝටර් රථවලට අමතරව බස් රථ හා ලොරි රථ ඇති බවට හම්බන්තොට වරායේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
පසුගිය මැයි 22 දින නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මෙරටට ආනයනය තහනම් කළ භාණ්ඩ අතර මෝටර් රථද ඇතුළත් වන අතර මෙරට වාහන ආනයනකරුවන් විසින් මෙම වාහන 122 එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ඇනවුම් කළ ඒවා බව හඟවමින් නිදහස් කරගැනීමට මාන බලමින් සිටින බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.
වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවයි
වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දමා සේවකයන් රැකියාවලින් ඉවත්කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ගණකාධිකාරිවරුන්, අලෙවි විධායකයන්, රියැදුරන්, සහායකයන්, ආරක්ෂකයන් හා තාක්ෂණ ශිල්පීන් ඇතුළුව සේවා සපයන්නන් විශාල පිරිසකගේ රැකියා මේ වනවිට අවදානමක ඇති බැවින් මේ ගැන කඩිනම් අවධානය යොමුකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කළ ද එය වාහන ආනයනකරුවන්ට මෙන්ම මෙරට ආර්ථිකයටත් නරක ලෙස බලපා ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා පවසයි.
දේශීයව වාහන නිපැදවීම හෝ එකලස් කිරීම ඉහත ප්‍රශ්නවලට විසඳුමක් නොවන්නේ යැයි ද මෙම ආර්ථික පිළිවෙත රටේ ආර්ථිකයට කිසිදු වටිනාකමක් එක් නොකරන උපායමාර්ගයක් බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මතය වී තිබේ.
Sunday, August 2, 2020
තහනම ගැන නොතකා වාහන 122ක් වරායට එයි - සේවකයින්ගේ රැකියා අනතුරේ !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment