එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇති ආකාරයට තුන්වෙනි පාර්ශවයක් හරහා මෙම ඉල්ලීම එජාප නායකයන් සිදුකර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම වික්‍රමසිංහ මහතාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් එජාප හිටපු නායක රණසිංහ ප්‍රේමදාස මහතාට ගෞරවයක් ලෙස පක්ෂයෙන් නෙරපීම ප්‍රමාද කිරීමට තීරණය කර ඇතැයි සඳහන්ය.
කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස, ලක්‍ෂමන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක යන අය ගැන හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පසුවට කල් දමා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
Sunday, August 2, 2020
සජිත් රනිල් හමුවේ දණින් වැටේ.. විශේෂ පණිවුඩයක් යවයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment