කොරෝනා පාලනය කලත් මිනිස්සු හැංගිලා.. එනිසා ආර්ථිකය හැකිලෙනවා - මහ බැංකුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

කොරෝනා පාලනය කලත් මිනිස්සු හැංගිලා.. එනිසා ආර්ථිකය හැකිලෙනවා - මහ බැංකුව

කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව තුල පාලනයක තිබුණද ජනතාව සංචාරය කිරීමට හා රැස්වීමට මැලිකමක් දක්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අද වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණ ද සේවාවන් සැපයීම යථා තත්ත්වයට පත්වීම දුර්වල මට්ටමක පවතින බව ද මහ බැංකුව කියා සිටියි.

ඒ හේතුවෙන් අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයටද ප්‍රබල පහරක් එල්ල වී ඇතැයිද මහ බැංකුව නිකුත් කළ නවතම දර්ශකයේ සදහන් වෙයි.

මෙම තත්ත්වය මත 2020 අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4%ක් දක්වා පහළ යනු ඇති බවත් 11% ක් දක්වා අයවැය හිගය පුළුල් වනු ඇති බවත් ඔවුන් පුරෝකථනය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad