සජිත් අත්අඩංගුවට ගන්නැයි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

සජිත් අත්අඩංගුවට ගන්නැයි කියයි

මගි ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

පසුගිය රජය සමයේ ඇමතිවරයෙකුව හිදිමින් අනුරාධපුර ඉපලෝගම පිහිටි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඉදිකිරීම් ගණනාවක් කඩා විනාශ කළේ ඔහුගේ අනුමත මත යයිද උන්වහන්සේ චෝදනා කලහ.

එසේ විනාස කර ඇත්තේ දුටුගැමුණු රජ සමයේ විජිතපුර සටන පැවති ස්ථානය ලෙස සැලකෙන විජිතපුර බලකොටුවේ ස්මාරක බොහොමයන් යයිද උන්වහන්සේ පැවසූහ.

ගම්උදාව ක් ඉදි කරන්න යයි ඒ සඳහා අවසර දුන් රජයේ නිලධාරීන්ද මේ වන තෙක් කිසිඳු ප්‍රශ්න කිරීමකට ලක් නොවී සිටීම පුදුම සහගත යයිද උන්වහන්සේ සඳහන් කළහ.

කොලඹ පැවති මාධ්‍ය හමුවක දී එහිමියන් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad