මිනීමරුවෝ හෙළිදරව් කරපු මාව හිරේ දැම්මා නං මිනීමරපු කරුණාට මොනවද කරන්න ඕනේ..? - හිටපු ඇමති රාජිත (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

මිනීමරුවෝ හෙළිදරව් කරපු මාව හිරේ දැම්මා නං මිනීමරපු කරුණාට මොනවද කරන්න ඕනේ..? - හිටපු ඇමති රාජිත (video)

නිතිය සැමවිටම සර්ව සාධාරණ විය යුතුය. එය  නීතියේ උත්තරීතර භාවයේ සංකේතයයි. නමුත් සැබෑවටම නිතිය සර්ව සාධාරණ වේද ?  නිතිය හසුරවන්නේ දෑස් රෙදි කඩකින් වසා  බැද  අතින් තරදියක් ගෙන සිටින යුක්තියේ දෙවගනයි.

ඇයගේ බැඳ දමා ඇති දෑස්වලට කිසිවකුවත් හදුනා ගත නොහැකිය. තම තරාදියට වැටෙන සාක්ෂි බර මත  සිය තීන්දුව ලබා දෙයි. ඒ නිසාම නිතිය සර්ව සාධාරණ වන බවත් අපක්ෂපාති බවත් නිරුපනය කරයි .

පසුගිය දිනෙක කරුණා අම්මාන් විසින් තමන් විසින් සිදුකලා යයි කියනු ලැබූ මිනීමැරුම් සම්බන්දයෙන් පාපොච්චාරණයක් සිදු කරන ලදී. එකී පාපොච්චාරණයෙන් අනාවරණය වූයේ ඔහු විසින් ම සිදුකරනු ලැබූ දහස් ගණනක මනුෂ්‍ය ඝාතනයන්ය. එවැනි මනුෂ්‍ය ඝාතනයන් සිදු කල කරුණා අම්මාන් පිලිබදව කිසිදු පියවරක් නොගෙන මුනිවත රකිමින් සිටි.

රාජිතට ඇති කරුණාට තාම නැති නීතිය 

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ මනුෂ්‍ය ඝාතන සම්බන්දයෙන් හෙළිදරව් කල තමන්ව සිරගත කලානම් දහස් ගණනින් මිනීමැරුම් කල කරුණාට කෙසේ නිතිය ක්‍රියාත්මක වන්නේද කියා බලා සිටින බවත් දැන් ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවුරුද්දක් පුරාවට කරුණාට විරුද්ධව විමර්ශණ කර නිතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය.

එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad