සෞඛ්‍ය ඇමැතිනිය හය වතාවක් පොරොන්දු කඩකළා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

සෞඛ්‍ය ඇමැතිනිය හය වතාවක් පොරොන්දු කඩකළා !

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ තම සාමාජිකයන් කොවිඩ් 19 රාජකාරිවලින් ලබන 29 වැනිදා දින සිට ඉවත් වන බවයි.

නිරෝධායන පනතේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග අවස්ථා හයකදී සාකච්ඡා කර ඇති කරගත් එකඟතා කඩ කර ඇති බව එම ලිපියේ සඳහන් වෙයි. මැතිවරණ රාජකාරිවලින් සහ ඩෙංගු ඇතුළු බෝවන රෝග පාලන කටයුතුවලින් ලබන මස 7 වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වීමටද තීරණය කර ඇත.

එම නිසා නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත්කිරීමේ ගැටලුව නිරවුල් කිරීම, මැතිවරණ මාර්ගෝපදේශ සහ අනෙකුත් මාර්ගෝපදේශ හතළිස් හය නීතිගත කිරීම, නිරෝධායන පනතේ අනෙකුත් රෙගුලාසි සකස් කොට නීතිගත කිරීම කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලා සිටියි.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad