මද්දකට හසුවූ දුර්ලභ කළු කොටියා මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

මද්දකට හසුවූ දුර්ලභ කළු කොටියා මිය යයි

මද්දකට හසුවූ දුර්ලභ කළු කොටියා මිය යයි

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන ප්‍රදේශයේ වගා බිමක අටවා තිබු මද්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගොස් තිබේ.

එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මද්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගනු ලැබීය.

එම මද්දට හසුවීමෙන් තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad