ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි


පසුගිය ජනාධිපතිවරණය සමයේ මහතාආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රදානය කළ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කර  තිබෙන ප්‍රතිශෝධන විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කළා.


රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ මෙම  ප්‍රතිශෝධන පෙත්සම අද අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් විරෝධතා ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබෙනවා.


ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වන දා පැවැත්වීමටයි අභියාචනාධිකරණය නියම කළේ.

 අදාල ප්‍රතිශෝධන පෙත්සම තුළින්  රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 30 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඇප මත මුදා හරිමින් නිකුත් කරනු ලැබූ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බවයි.

නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශ කර ඇතැයි ද එ තුළින් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන්  ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad