එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදෑසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.
ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලදාරින් කියා සිටියේ.
මියගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.
No comments:
Post a Comment