කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් - විදෙස්ගතව පැමිණෙන ලාංකිකයින්ගේ කොරෝනා ප්‍රභේදය සොයන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් - විදෙස්ගතව පැමිණෙන ලාංකිකයින්ගේ කොරෝනා ප්‍රභේදය සොයන්න

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් - විදෙස්ගතව පැමිණෙන ලාංකිකයින්ගේ කොරෝනා ප්‍රභේදය සොයන්න

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමී අවදානම වැළැක්වීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශිකයින් ගෙන්වීම පිළිබඳ ක්‍රමවේදයක් සකස් කර අවසන් බවත් මෙහිදී අඩුපාඩු ඇතිවීමට ඉඩ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේබව සඳහන් කළේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad