රාජිත, චම්පික, අර්ජුන, අනුරට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

රාජිත, චම්පික, අර්ජුන, අනුරට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ සූදානමක්

රාජිත, චම්පික, අර්ජුන, අනුරට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ සූදානමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ අවධානය යොමුව තිබේ.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ(26) දිනයේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ බවයි.

ඒ අනුව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරියේදී සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකුට සිතාසි නිකුත් කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව පවසමින් එම නාවික හමුදා නිලධාරීන් විසින් ජනපති කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාලව එම නාවික හමුදා නිලධාරීන්ට සිතාසි නිකුත් කළ ද ඉන් කිහිපදෙනෙකු කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නිසා කොමිසම වෙත පැමිණිය නොහැකි බව දැනුම් දී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad