තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම ගැන මහින්ද හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම ගැන මහින්ද හෙළි කරයි

තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම ගැන මහින්ද හෙළි කරයි

ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් ඉල්ලීම වූයේ වතුකරයේ ජනතාවට රු. 1000 දීමනාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඊයේ සවස 6.00ට පමණ තොණ්ඩමන් මහතා පැමිණ තමන් හමුවූ බවත් එහිදීද වතු කම්කරුවන්ට රු. 1000 දීමනාව ඇතුළු සහන දීම ගැන සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවෙන් පසු තම නිවසින් පිටව ගියේ සියලු දෙනා සමඟ සුහදව කතා කරමින් බවත් ඔහු හිතහොඳ අවංක දේශපාලන නායයෙකු බවත් අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ, ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සැල වීමත් සමග ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට පැමිණි අවස්ථාවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad