කොවිඞ් -19 වසංගතයෙන් පීඩාවට පත්වුවන් සඳහා වන රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරිමට තීරණය වී තිබේ.
පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වූ චෝදනා සහ දීමනාව බෙදා දීමේදී ක්ෂේත‍්‍රයේ ඇතිවූ ගැටළු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැබි බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම නව ක‍්‍රමය අනුව රුපියල් 5,000 දීමනාව ලබා ගැනීම සඳහා ප‍්‍රතිලාභීන් සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කළ යුතු වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
No comments:
Post a Comment