ගුරු - විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

ගුරු - විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථකයි

ගුරු - විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථකයි

ගුරු - විදුහල්පති අතුරු වැටුප් චක්‍ර ලේකණය නිකුත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු - විදුහල්පති සංගම් රැසක් ලෙඩ නිවාඩු දමා අද (26) දින නියැලෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ පාසල් වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි පිරිසක් සහයෝගය දක්වා නොමැති බව වතුකරයේ ගුරු සංගම් පවසයි.

වතුකරයේ සියළුම පාසල් වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි පිරිසක් සේවයට වාර්තා කර තිබු අතර , ගුරුවරුන් කිහිපදෙනෙකු පමණක්‌ තැපැල් කාර්යයාල වෙත ගොස් විදුලි පුවත්පත් මගින් ලෙඩ නිවාඩු වාර්තා කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

වතුකරයේ පාසල් වලට බහුතර ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කර ඇති නිසා පාසල් වල අධ්‍යයන කටයුතු සමාන්‍යය පරිදි සිදු කරන බව විදුහල්පතිවරුන් කියා සිටියි.

ගුරු - විදුහල්පති වෘත්තිය සමිති එක්ව අද (26) දිනයේ ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. 

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති බව ඔහු සදහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad