එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරයි.
එම කොමිසම පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහායි.
මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවයි බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටී.


No comments:
Post a Comment