ඇමැති අර්ජුන රෑ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනිද්දී කවුන්ටර්වල හිස් පුටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 2, 2019

ඇමැති අර්ජුන රෑ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනිද්දී කවුන්ටර්වල හිස් පුටු

https://www.gossiplankanews.com/2019/03/arjuna-airport.html

28 දා මධ්‍ය රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට
සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු
කළේය.

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ඔහු එහිදි දැන්වීය.
 එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද කීය.

“අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න  පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ. මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමැතිතුමාත් අපේක්ෂා කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad