සීනිවලට යුරියා කවලම් කරන සතොස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

සීනිවලට යුරියා කවලම් කරන සතොස


වවුනියාව සතොස වෙළඳසලේ සීනිවලට  යුරියා කලවම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සතොස සේවකයන් දෙදෙනකුගේ සේවය පෙරේදා (4දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.  ඊට
අමතරව සතොස

විමර්ශන නිලධාරීන් පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරිකෂණයක් ආරම්භ කොට ඇති බවද සතොස ප්‍රකාශකයකු කීය. වවුනියාව සතොස වෙළෙඳසලෙන් සීනි මිලට ගත් අයකුට සීනි පිළිබඳ සැකයක් මතුවී ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි.

 පැමිණිල්ල ලද වහාම වවුනියාව සතොස වෙළෙඳසලේ ඇති සීනි තොග පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කළ අතර සතොස සේවකයන් පවසා ඇත්තේ පාරිභෝගිකයන් විසින් සීනි රැගෙන යැමට ගෙන එන ලද මලුවල සූරියා පොහොර තිබෙන්නට ඇති බවයි. සතොස වෙළඳසල පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ තුළ තිබී යූරියා පොහොර අඩංගු බෑගයක් පොලිසියට හමුවී ඇති අතර සතොස සේවකයකු පෞද්ගලික අවශ්‍යතාවකට එය රැගෙන විත් නිවෙසට ගෙන යන අතරතුර පොහොර තොගය එහි තැබූ බව පොලිසියට පවසා තිබේ.

-රසාදි චතුරංගි ගමගේ-

No comments:

Post a Comment

Post Bottom Ad