රට ජම්බෝ වෙනුවට ලංකා ජම්බෝ වෙළෙඳපොළේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

රට ජම්බෝ වෙනුවට ලංකා ජම්බෝ වෙළෙඳපොළේ


විදේශ රටවලින් ආනයනය කරනු ලබන "ජම්බෝ" නමැති රටකජු විශේෂය වෙනුවට කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව විසින් " ලංකා ජම්බෝ" නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ. මෙරට රටකජු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 27,294ක් වේ. පසුගිය වසරේදී හෙක්ටයාර 19,975 රටකජු වගාකර ඇති අතර
මෙට්ට්‍රික් ටොන් 24,200

අස්වැන්නක් නෙළාගෙන තිබේ. එහෙත් එම ප්‍රමාණය මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත්
නොවූ බැවින් රටකජු ‍මෙට්ට්‍රික් ටොන් 3,094ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 689 ක මුදලක් වැයවි තිබේ. ශ්‍රී ලංකා ජම්බෝ නමැති රටකජු ප්‍රභේදය වගාකර දින 110ත් 115ත් අතර කාලයකදී අස්වැන්න නෙළාගත හැකිය. එමෙන්ම හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 4,400ක් ඉක්ම වූ රටකජු අස්වැන්නක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අගුණකොළපෑලැස්ස මාංශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේදී මෙම නව රටකජු ප්‍රභේදය හඳුන්වා දෙනු ලැබිය. පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව,
මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රකජු වගා කිරිමේ කෘෂිකාර්මික කලාප ස්ථාපිත කරන බවත් එහි මෙම නව රටකජු ප්‍රභේදය මෙන්ම සෙසු රටකජු ප්‍රභේදයන් ද වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

(නාලක සංජීව දහනායක)

No comments:

Post a Comment

Post Bottom Ad