බඩේ ගායට මැතිරූ දෙහි ගෙඩිය ගේන්න ගිය ආච්චිගේ අත මිරිකූ සීයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

බඩේ ගායට මැතිරූ දෙහි ගෙඩිය ගේන්න ගිය ආච්චිගේ අත මිරිකූ සීයා


 72 හැවිරිදි ආච්චි කෙනකුගේ අතින් ඇල්ලීම නිසා  හැත්තෑ එක්‌ හැවිරිදි (71) සීයා කෙනෙකු  ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන ඇත.
ගම්පොළ මීතලාව ප්‍රදේශයේ

පදිංචි මෙම වයෝවෘද්ධ කාන්තාවගෙන් ලැබුණු පැමිණිල්ල මත මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
සිය ලේලියගේ බඩේ අමාරුවකට දෙහි ගෙඩියක්‌ මතුරා ගැනීම සඳහා මෙම වයෝවෘද්ධ කාන්තාව පදිංචි නිවසට ආසන්න 71 හැවිරිදි අය සිටි නිවසට ගොස්‌ ඇත.
එහිදී දෙහි ගෙඩිය මතුරා එය ඇය අතට දෙක ගමන් ඇගේ අත මිරිකුවැයි පැමිණිල්ලේ දැක්‌වේ.
ලිංගික අතවරයක්‌ සිදුවී ඇත්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම කාන්තාව ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධියට සැක පුද්ගලයා ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- සුරංග දිල්හාන්, - ජගත් ජනප්‍රිය

No comments:

Post a Comment

Post Bottom Ad