ශිෂ්‍යත්වයට යද්දී දැරියට හා මවට අලි ප්‍රහාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

ශිෂ්‍යත්වයට යද්දී දැරියට හා මවට අලි ප්‍රහාර

මහියංගණ හත්දත්තාව ද්විතීයික පාසලේ පිහිටි ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්‌ථානයේ 05දා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා පාපැදියක නැගී ගමන් කරමින් සිටි දැරියක හා ඇගේ මව ඊයේ උදැසන 7.15 ට
පමණ වන අලි ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලබා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.

 මහියංගණ හත්දත්තාව අක්‌කර 80 පදිංචි සයුරි සත්සරණී (10) සහ ඇගේ මව වන ඩී. එම්. සේපාලිකා කුමාරි (35) නමැති මව හා දියණිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ දැරිය පැය කීපයකට පසුව මූලික ප්‍රතිකාර වලින් අනතුරුව ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වීම සඳහා තාවකාලිකව රෝහලෙන් පිටව ගොස්‌ ඇත.


 එහෙත් මව රෝහලේ නේවාසිකව වැඩිදුර ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබිණි.

 සිය නිවසේ සිට මහියංගණ හත්දත්තාව ද්විතීයික පාසලේ පිහිටි ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්‌ථානය වෙත යමින් සිටින අතරතුර මහමග අයිනේ සිටි වන අලියෙකු එක්‌වරම මොවුන් ගමන් ගත් පාපැදියට පා පහරක්‌ එල්ල කර ඇති අතර අලියාගේ පහර කෑමට ලක්‌වීමෙන් දැරිය හා මව තුවාල ලබා ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

   - ජී. චතුරංග, කරුණාරත්න පල්ලේගම  - රංජිත් කරුණාවීර

No comments:

Post a Comment

Post Bottom Ad