ෆෝමර් ක්‍රිකටර් අර්ජුනට එලිපන්ට් අර්ජුන මුණගැසිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

ෆෝමර් ක්‍රිකටර් අර්ජුනට එලිපන්ට් අර්ජුන මුණගැසිලා


ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ සිදු වීමක් කතරගම පුදබිමේදී අද සිදු විය.

ලෝක කුසලානය දිනීම සඳහා නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංගට ගෞරවයක් ලෙස අර්ජුන හස්තිරාජයාට එම නම ඒ දිනවල තබා තිබේ.
නමුත් අර්ජුන හස්තිරාජයාත් අර්ජුන

රණතුංගත් මෙතෙක් කිසිම දවසක හමු වී නැත. පළමු වතාවට අමාත්‍ය අර්ජුන  අර්ජුන හස්තිරාජයා දුටුවේ ඊයේ (21) රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවයේ නවවැනි පෙරහැර අතරතුරදීයි.
පෙරහැරට සමගාමීව දේවාල භූමියේ ආලෝක පද්ධතිය විවෘත කිරීම අමාත්‍යවරයාගේ අතින් සිදුවීමෙන් අනතුරුව පෙරහැර අතරතුරදී අර්ජුන හස්තිරාජායාට ආහාර සංග්‍රහයක් කිරීමටද ඇමතිවරයාට හැකි විය. අර්ජුන අලියා මේ වන විට දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ භාරව සිටී. ඡායරූවලින් දැක්වෙන්නේ අර්ජුන හස්තිරාජයාට අමාත්‍ය අර්ජුන රණතුංග විසින් ආහාර සංග්‍රහයක් කළ අයුරුයි.


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *