පඩි නැතිව අළුගෝසු ජොබ් ඉල්ලන තරුණයෝ පස් දෙනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

පඩි නැතිව අළුගෝසු ජොබ් ඉල්ලන තරුණයෝ පස් දෙනා


අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් හෙරොයින් මාරයා හා මත්පෙති මාරයාට බිලිවෙමින් සිටින නිසා රජය මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් අළුගෝසු
තනතුරට එම ගම්මානයේ තරුණයන් පස් දෙනෙකු ස්වේච්ඡාවෙන් රාජකාරී කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
අනුරාධපුර මහවිලච්චිය යාය හය මන්නාරම් හංන්දිය ප්‍රදේශයේ පදිංචි රුවන් හේමන්ත හේරත් බණ්ඩා, සනී රත්න බණ්ඩාර, නිහාල් රූපසිංහ, චමින්ද පේමතිලක නමැති වයස අවුරුදු තිහත් හතළිහත් අතර

වයසේ පසුවන ගොවිතැනින් ජීවත් වන ගම්වැසියන් පස් දෙනකු වැටුපක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් අළුගෝසු තනතුරේ රාජකාරි කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. රටේ වැඩි වෙමින් පවතින මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ රැල්ල නතර කිරීමට මහ විලච්චිය ගොවි ජනපදයේ මෙන්ම රටේ ජීවත්වන දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තමන් මෙලෙස අළුගෝසු තනතුරේ ස්වේච්ඡාවෙන් රාජකාරි කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන බව ඔවුහු පැවැසූහ.
අද අපිට අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ අපරාධමයි. මේ අපරාධ මඩින්න රජය ගත්ත හොඳම තීරණයක් තමයි එල්ලුම් ගහ, මත්කුඩු වික්කත්, මිනී මැරුවත්, ස්ත්‍රී දූෂණ සිදුකළත් ඒවා කරන කිසිම කෙනෙක් මැරෙන්න කැමති නෑනේ. නමුත් ඒ වරද සිදුකරාම කවද හරි බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දැන ගත්තම මිනිස්සු ටිකක් බය වෙයි. මේ දේවල් වලට යොමු වෙන්න. ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ගත්ත තීන්දුවට අපි සහාය දෙන්න සූදානම්. තනතුර බාර ගන්න කෙනෙක් නැත්නම් අපි එන්නම්. අපි ප්‍රසිද්ධ වෙන්න නමෛයි මේ දේවල් කියන්නේ. අපි බොහොම දුක්විඳලා, ගොවිතැන් බතක් කරලා ජීවත් වෙන්නේ. නමුත් ජාවාරම් කාරයෝ වැරදි වැඩ කරලා මුදල් හරි හම්බ කරගන්නවා. පුහුණුවක් ලබා අළුගෝසු තනතුරේ රාජකාරි සිදුකරන්න අපි ලෑස්තියි යනුවෙන් ඔවුහු පැවැසූහ.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad