උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 4, 2018

උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ උදයංග වීරතුංග
ඩුබායි

ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති බව වාර්තාවේ.
මිග්යානා වංචාසහගත ගනුදෙනුවක් හා ශ්‍රී ලාංකිකයෙකුගේ ඝාතනයක් සම්බන්ධ චෝදනා එල්ලව සිටින ඔහුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබෙන නමුත් පසුගිය කාලය පුරාම ඔහු හසුවූයේ නැත.
ඔහු පසුගිය කාලයේ හිටපු ජනපතිවරයාගේ විදෙස් සංචාරවලට එක්ව ඡායාරූප ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය.
පසුගිය මාසයේ ඔහුගේ දේපළ පවරාගන්නටද රජය කටයුතු කර තිබුණි.
උදයංග වීරතුංග අමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad