හැකරුන්ට කප්පම් ගෙවා UBER පාරිභෝගික මිලියන 57කගේ දත්ත රැකගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

හැකරුන්ට කප්පම් ගෙවා UBER පාරිභෝගික මිලියන 57කගේ දත්ත රැකගනී


ලෝකයේ ප්‍රකට ප්‍රවාහන සේවා ඇණවුම්කරන ජංගම දුරකථන ඇප් එකක් වන UBER හි ඕස්ට්‍රේලියාවට අදාළ සමාගමේ ලියාපදිංචිව සිටි එරට මිලියන 57 ක පුද්ගලයන්ගේ පුද්ගලික  තොරතුරු පිටව යාමේ අන්තරාවකට ලක්ව තිබේ. එහි සෑම ඕස්ට්‍රේලියානුවන් 10 කගෙන් එක් අයෙකුගේ තොරතුරු තිබුණ බවද පැවසේ.මෙම තොරතුරු තුළ මිලියන 57 කගේ නම් ඊමේල් දුරකථන අංක මෙන්ම තවත් වටිනා තොරතුරුද අඩංගුව තිබී ඇත.  

මෙම සොරාගැනීම 2016 සිදුව ඇති නමුත් වානිජ වශයෙන් අවාසි නිසා එම සමාගම ඒ සිද්ධිය පිටකර නැත. හැකරන් ඉල්ලූ ඩොලර් ලක්ෂයක කප්පම් මුදලක් ගෙවා එම තොරතුරු පිටවයාම වැළකූ බවද වාර්තාවේ. මෙම රහසිගත සිදුවීම ගැන හෙළිදරව්ව Techlife 2017-January කලාපය මගින් හෙළිකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad