හරීන්ගෙන් ජනපතිට රතු එළියක්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

හරීන්ගෙන් ජනපතිට රතු එළියක්..!

මෛත්‍රී ජනාධිපති කළේ එක්සත් ජාතික පක්ෂය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි පරද්දපු උන් ඇමතිකම් අරගෙන උන් අද අපිට කෝචෝක් දානවා. අපිට ගහපු උන් අද අපේ කැබිනට්ටුවේ ඇමතිකම් අරගෙන අපිට කියනවා ඕයි. උබලා හොරු. මට ඒ වෙලාවට ඇත්තට ඇඩෙනවා. ගහන්න පුලුවන්නම් ගහනවා. බැරි නිසා තවම ඉවසන් ඉන්නවා. කොයි වෙලාවක හරි ගැහෙයි. ඒගොල්ලන්ගේ ජනාධිපති කිව්වට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනධිපති කළේ වෙන කවුරුත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ අපි කියන එක එතුමාට මතක් කරලා අපි දෙන්නට ඕනේ. බැඳුම්කර කොමිසම හොඳයි. මැතිවරණයකුත් ඇවිත් තියෙනවා. දැන් ආණ්ඩුවක් ඇතුළේ අපි ආණ්ඩුවක ඉන්නවද කියලා පොඩි සැකයකුත් තියෙනවා. ඒ අස්සේ බැඳුම්කර මගුලකුත් එළියට දාලා තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ඇතුළේ අපේ ඔලුව අච්චාරු වෙලා තියෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad