2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, වාර්තාගත වැඩිම මුදලකට එනම්, ඉන්දීය රුපියල් කෝටි 17 කට ඉන්දීය නායක විරාට් කෝලි රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තීරණය කර තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අයි.පී.එල් පළමු තරඟ වාරයේ සිට රඳවා ගත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර එලෙස රඳවා ගෙන නොමැති අතර ඔහු අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට කිරීමට නියමිතව ඇත. ඒ අනුව මෙවර මුම්බායි කණ්ඩායම රඳවාගෙන ඇත්තේ රෝහිත් ශර්මා ,හර්දික් පාන්ඩේ සහ ජශ්පිට් බුම්රා යන ක්‍රීඩකයන්ය.
පසුගිය කාලයේ තරඟ තහනමෙන් පසුව නැවතත් IPL තරඟාවලියට එකතු වන චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායම රඳවාගෙන තිබෙන්නේ MS දෝණි ,සුරේෂ් රයිනා සහ රවීන්ද්‍ර ජඩේජාය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විරාත් කෝලි ,AB ඩිවිලියස් සහ සෆ්රාස් ඛාන් රඳවාගෙන ඇති අතර මෙවර තරඟාවලියේ ඔවුන්ගේ පුහුණුකරු ලෙස රිකී පොන්ටින් එකතු වන බවද වාර්තා වේ.
කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සුනිල් නාරායන් සහ ඇන්ඩ්රි රසල් රඳවා ගැනීමට තීරණය කර ඇති අතර පසුගිය තරඟාවලි වල නායකයා ලෙස කටයුතු කල ගෞතම් ගාම්භීර්ද අමතක කර දමා තිබීම විශේෂත්වයකි. දිල්ලි ඩෙයාර්දිවල්ස් කණ්ඩායම ක්‍රිස් මොරිස් ,රිශාබ් පාන්ට් සහ සායර් අයර් වෙන්දේසියට නොයවා රඳවා ගැනීමට තීරණය කර ඇත.
රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම ස්ටීවන් ස්මිත්ද,කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම අර්ෂා පටෙල්ද රඳවාගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම ඩේවිඩ් වෝනර් සහ බුවනේශ්වර් කුමාර් රඳවාගෙන ඇත.
Friday, January 5, 2018
Home
ක්‍රීඩා පුවත්
‘මාලිංග මුම්බායි කණ්ඩායමෙන් විසිකරද්දී, කෝලි වාර්තාගත මුදලකට රදවාගනියි’..කෝටි ගණන් වලට රදවාගත් සුපිරි ක‍්‍රීඩකයින් මෙන්න
‘මාලිංග මුම්බායි කණ්ඩායමෙන් විසිකරද්දී, කෝලි වාර්තාගත මුදලකට රදවාගනියි’..කෝටි ගණන් වලට රදවාගත් සුපිරි ක‍්‍රීඩකයින් මෙන්න
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment