සංගක්කාර පසුකළ ස්මිත් ‘සර් දොන් බ‍්‍රැඩ්මන්ට’ පමණක් දෙවැනි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

සංගක්කාර පසුකළ ස්මිත් ‘සර් දොන් බ‍්‍රැඩ්මන්ට’ පමණක් දෙවැනි වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් තරගාවලියේ පස්වැනි හා අවසන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිමේ පන්දුවට පහරදෙන ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 193ක් ලබා සිටි.ඒ අනුව ඔවුන් එංගලන්ත ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 153ක් පිටුපසින් සිටියි

පළමු දිනය නිමා වන විට කඩුලු 05කට ලකුණු 233ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම ක‍්‍රීඩකයින් දැවී ලකුණු 346ක් රැස් කරගැනිමට සමත්විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ එංගලන්ත නායක ජෝයි රූට් සිය ශතකයට ලකුණු 17ක් මෑතින් සිටියදී ගැසූ ෆ්ලික් පහරක් ස්කවෙයාර් ලෙග්හි සිටි මිචෙල් මාෂ් විසින් අති විශිෂ්ට ලෙස රැකගැනීමෙන් අනතුරුව දැවී ගිය අතර ඉනිමේ දෙවැනි වැඩිම ලකුනු ලාභියා වු ඩේවඩි මලාන් ලකුණු 62ක් රැස් කළහ.


පන්දු යැවීමේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු 04ක් බිද හෙළීමට සමත් වු අතර මිචෙල් ස්ටාක් ,ජොස් හෙසල්වුඩ් කඩුලු 02 බැගින් බිද හෙළීමට සමත් විය. අනතුරුව සිය ප‍්‍රථම ඉනිම ඇරඹු ඔස්ටේ‍්‍රලියානු කන්ඩාමේ මුලු ලකුණු පුවුරුවට එක් ලකුණක් එක්වෙද්දී පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා සිටි කැමරන් බෙන්ක්‍රොෆ්ට් දවා ගැනීමට ස්ටුවර්ට් බෝඩ් සමත් විය.

අනතුරුව පිටියට එක්වු උස්මාන් කවාජා ඩේවඩ් වොනර්(56) සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 85ක සම්බන්ධතාවක්ද ස්මිත් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා ලකුනු 107ක නොදැවුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැුදී සිටින කවාජා පන්දු 204කට මුහුණ දෙමින් එක් හයේ පහරක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 91ක් ලබා සිටියි. ටෙස්ට් ලකුනු 6000 පසුකළ ලොව දෙවැනි වේගවත්ම ක‍්‍රීඩකයා (ඉනිම් 111කදී) ලෙසින් වාර්තා පොත් අතරට එක්වු ස්ටීවන් ස්මිත් ලකුණු 44ක් ලබා නොදැවී ක‍්‍රිඩා කරයි. 

ඉනිම් 68කදී ලකුණු 6000 සීමාව පසුකළ දොන් බ‍්‍රැඩ්මන් එම ලැයිස්තුවේ පෙරමුණෙ පසුව අතර,ඉනිමි 111කදී ලකුණු 6000 පසුකළ ගැරී සොබර්ස් තෙවැනි ස්ථානයෙත් පසුවෙයි.ශ‍්‍රීලංකා කණ්ඩායමේ හිටපු සුපරි ක‍්‍රීඩක කුමාර් සංගක්කාර ඉනිම් 116කදී එම කඩඉම පසුකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad