යාපනය මීසාලෙයි වීරසිංහම් විදුහල අසලදී ඊයේ (17) යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුමරියට ගවයින් දෙදෙනෙකු වැදීම හේතුවෙන් ගවයින් දෙදෙනා මිය ගොස් පාසල් දැරියක් තුවාල ලබා ඇති බවට ඡාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.
කොළඹ බලා ධාවනය වූ දුම්රියට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් රැලක සිටි ගවයින් දෙදෙනෙකු ගැටී ඇති අතර ඉන් එක් ගවයෙකු විසිවී ගොස් අසල පිහිටි මාර්ගයේ ගමන් කරමින් සිටි වීරසිංහම් විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකගේ ගැටී ඇති අතර ඉන් තුවාල ලැබූ පාසල් සිසුවිය චාවකච්ඡේරි රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරින් ගවයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර පාසල් සිසුවියගේ තත්වය බරපතල නොවන අතරම ගවයින් වීදි පුරා අයිතිකරුවන් නොමැතිව හැර තිබීම මගින් මේ දිනවල අනතුරු බහලු වී ඇති බවටද පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Wednesday, January 17, 2018
Home
ආරක්ෂක පුවත්
දුම්රියේ ගැටුනු ගවයා විසිවී පාසල් සිසුවියකගේ වැදෙයි.. සිසුවියට තුවාලයි.. ගවයා මියයයි…
දුම්රියේ ගැටුනු ගවයා විසිවී පාසල් සිසුවියකගේ වැදෙයි.. සිසුවියට තුවාලයි.. ගවයා මියයයි…
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment