දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවත් එසේ නොවන්නට ඔහු අද ඉන්නේ පොලොව යට බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් පවසයි.
‘එනිසා ඒ ගැන ඔබතුමා අපට පින් දිය යුතුයි’ යනුවෙන්ද මන්ත‍්‍රිවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බොරැල්ලේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි. ජනාධිපතිවරයා එජාපයේ දුෂිතයන් සෙවීමට කලින් ශ‍්‍රිලනිපයේ ඔහු වටා සිටින දුෂිතයන් පිරිස එලවා ආදර්ශයක් දිය යුතු යයිද මන්ත‍්‍රීවරයා කීවේය.
බාල තෙන් ගෙන්වූ අය, විදේශ සේවා කාර්යාලයෙන් මුදල් වංචා කල අය, සමෘද්ධිය ගසා කෑ අය, මැතිවරණ වේදිකා ගිනි තැබූ අය, ගුරුවරුන් දණ ගැස්වූ අය, හම්බන්තොටදී තුවක්කු උස්සාගෙන ආ අය ඉන්නේද ශ‍්‍රීලනිපයේ බවත් මුලින්ම ඔවුන් පක්‍සයෙන් ඉවත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Wednesday, January 17, 2018
Home
දේශපාලන පුවත්
මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..
මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment