මට තවත් ඇමති කෑල්ලක් ලැබෙනවා..- හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

මට තවත් ඇමති කෑල්ලක් ලැබෙනවා..- හරීන්

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම අලූත් ඇමති කෑල්ල කුමක්දැයි මෙම 25 වනදා අගමැතිවරයා විසින් බදුල්ලේදී ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද ඔහු සදහන් කරයි. බදුල්ලේදී පැවති එජාප පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඩිජිටල් ඇමතිකම පමණක් තියාගෙන බදුල්ලේ ජනතාවගේ ප‍්‍රශ්න විසදිය නොහැකි නිසා තමනට තවත් ඇමති කෑල්ලක් උවමනා බව අගමැතිවරයාට පැවසූ බවත් ඒ අනුව නව ඇමති කොටස ලැබෙන බවත් ඔහු සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad