මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට හඳුනානොගත් කලු පැහැති විශාල යකඩ බෝල 2ක් හමු වී ඇති බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටියේය.
කිලෝ ග්‍රෑම් 25 ක පමණ බරින් යුත් මෙම යකඩ බෝල දෙක කුමන කරුණක් හේතුවෙන් මුලතිව් මුහුදට පැමිණියේද යන්න මෙතෙක් සොයාගෙන නොමැති අතර අදාල යකඩ බෝල දෙක ධීවරයින් විසින් මේ වන විට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.
අදාල යකඩ බෝල දෙක කිසියම් සාගර පරික්ෂණ කටයුත්තක් සඳහා භාවිතා කොට ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කරන අතර අදාල යකඩ බෝල දෙක කුමක්දැයි යන්න පරික්ෂා කිරීමට අදාල බලධාරීන් වෙතට යොමු කිරීමටද මුතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Wednesday, January 17, 2018
මුහුදු ගිය ධීවරයින්ට හඳුනානොගත් විශාල යකඩ කලු බෝල දෙකක් දැලට හසුවෙයි…[Photos]
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment