ද්විත්ව පුරවැසියෙක් නම් ගෝඨාට ඡන්දෙ ඉල්ලන්න බෑ - නාවින්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

ද්විත්ව පුරවැසියෙක් නම් ගෝඨාට ඡන්දෙ ඉල්ලන්න බෑ - නාවින්න

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකුද නැද්ද යන්න පිළිබඳව සාක්‍ෂි සහිතව අනාවරණය කරගැනීම සඳහා විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌.බී. නාවින්න මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පරීක්‍ෂණයක්‌ සිදුකළ ආකාරයටම මෙම පරීක්‍ෂණය සිදුකර රටට සත්‍ය හෙළිකරන බව ඇමැතිවරයා පැවැසීය. ද්විත්ව පුරවැසිභාවය ඇති පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ මැතිවරණයක්‌ සඳහා තරග කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්විය හැක්‌කේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට පමණක්‌ බවත් හෙතෙම අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad