ලංවිම සේවකයෝ අමාත්‍යංශය වටලන්න සැරසෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

ලංවිම සේවකයෝ අමාත්‍යංශය වටලන්න සැරසෙයි !

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයන් අද පෙරවරු 11.00 ට විදුලිබල මණ්‌ඩල මූලස්‌ථානය හා විදුලිබල අමාත්‍යාංශය වටලා විරෝධය පාන බව එම සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසයි.

නීති විරෝධී ලෙස සිදුකළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම වහාම නතර කරන ලෙසත්, විදුලිබල මණ්‌ඩලය තුළ තිබෙන වංචා දූෂණවලට එරෙහිවත් මෙම වැටලීම සිදුකරයි. ලංවිම රැක ගැනීම සඳහා පාලනාධිකාරිය සමඟ මෙතෙක්‌ සිදුකළ සාකච්ඡා මගින් නිසි ප්‍රතිඵල නොලැබුණු බව හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad