ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන් පිටව ගොස් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කැබිනට් රැස්වීම ආරම්භයේදීම ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් තමන් විවේචනය කිරීම සහ තමන්ට නොදන්වා ඇතැම් තීරණ ගැනීම පිළිබඳ සිය අප‍්‍රසාදය පළ කරන බවයි. එම ප‍්‍රකාශය සිදු කිරීමෙන් පසු කැබිනට් පත‍්‍රිකා පවා සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
හරීන් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ, එස්. එම්. මරික්කාර් සහ චමින්ද විජේසිරි යන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ ප‍්‍රකාශයන් ජනාධිපතිවරයා විවේචනය කර තිබෙනවා. ජනාධිපතිවරයා පිටව යාම හේතුවෙන් කැබිනට් රැස්වීමේ කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇනහිට තිබෙනවා. පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඔහු නැවත රැස්වීමට කැඳවාගෙන පැමිණි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
රැස්වීම යළි ආරම්භ වීමෙන් පසු මත්පැන් සම්බන්ධයෙන් නික්තු කෙරුණු ගැසට් නිවේදන අවලංගු කිරීම පිළිබඳ ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති අතර එම තීරණයට කැබිනට් මණ්ඩලය ඒකමතික අනුමැතිය ලබා දී ඇත්තේ ඉන් අනතුරුවයි.
Wednesday, January 17, 2018
Home
දේශපාලන පුවත්
බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර්ට අමාරු ඇයි? කැබිනට්ටුවේදී ජනපති මෛත්‍රීගෙන් ප්රකාශයක්
බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර්ට අමාරු ඇයි? කැබිනට්ටුවේදී ජනපති මෛත්‍රීගෙන් ප්රකාශයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment