ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට පුළුවන් නම් තනිව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි ප්‍රකාශයක් කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් පොළොන්නරුවේ සිට දේශපාලනයට පැමිණි ආකාරය සිහිපත් කරමින් මෙසේ අවධාරණය කොට තිබේ.
‘‘ජනාධිපතිවරයා කතාව ආරම්භ කොට තිබෙන්නේ කෝ හරීන් ඉන්නවද? ආ නෑ නේද කියමිනි.”එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්, නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ තැන් තැන්වලදී මට දැඩි වාග් ප්‍රහාර එල්ල කරනවා. ඒත් මම බැඳුම්කර විමර්ශන කොමිසම පත් කළ එක වැරැදිද? මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද? මම කියපු ඒවා ඇහුවා නම් මේ ප්‍රශ්න එකකටවත් මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම කියපු දේ ඇහුවේ නැති නිසා තමයි මේවා සිදු වෙමින් තිබෙන්නේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න මම එපා කිව්වා. ඇහුවද?
රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා. ඒත් කවුරුත් ඇහුවේ නැහැ. මම මේ ලයින් එකේ තමයි එදා ඉඳලා හිටියේ. මම දූෂණයට විරුද්ධව 2012දී මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට කතා කෙරුවා. ඒ ඇති වෙච්ච ප්‍රශ්නය නිසා තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ. ඒ අනුව තමයි මම අදත් ගමන යන්නේ. අද මට යූ.ඇන්.පී. අය ජනාධිපතිගේ ටෝක්. ජනාධිපති පික් පොකට් ගහනව කියනවා. මේක බැලුවම මේගොල්ල කියනවද? නැති නම් මේගොල්ල ලවා කියවනවද?
බැලුවම නම් පේන්නේ මේ ගොල්ලෝ ලව්වා කියවනවා වගෙයි.මෙහෙම නම් කතා කරන්නේ මට ගනුදෙනු බේරා ගන්න බැරි නැත්තේ නැහැ. එහෙම දාලා මම කොහේද යන්නේ. බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? මම 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඇයි? අපි හොරකම්, දූෂණ වංචා නවත්වනවා කියලයි පොරොන්දු දුන්නේ. මම මේ ගමන ඒ විදියට යන්න කැමැතියි.” ජනාධිපතිවරයා එසේ අවධාරණය කරමින් තම මේසය මත තිබූ හඬ පටිගත කරන යන්ත්‍රය ඇමැතිවරුන්ට ප්‍රදර්ශනය කරමින් වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.
“මම කතා කරන දේ මට වටිනවා. ඒකයි රෙකෝඩ් කරන්නේ. මම යූ.ඇන්.පී.යට විරුද්ධ නැහැ. මම බොහෝ දේවල් කැප කරලා ජීවිතය පරදුවට තියලා මරණ මංචකයට යන්න හිටි මොහොතක පවුලත් පරිත්‍යාග කරලයි ආවේ. මට බලයට එන්න යූ.ඇන්.පී.ය උදවු කළ බව මම දන්නවා. මේ රටේ කිසිම ජනාධිපතිවරයකු අගමැතිවරයකුට නොදුන් බලතල මේ අගමැතිතුමාට දුන්නා. මා එසේ කළේ මේ ආණ්ඩුව කරගෙන යන්නයි. මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ. යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ. නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ? මට ඒක කරන්න බැහැ.
මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ? මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි. ආණ්ඩු දිගටම කරගෙන යනවද කියලා හා කරන විදිය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා තීරණයක් අරන් මට දැනුම් දෙන්න. “පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි” පවසා ඇත. විනාඩි 35කට ආසන්න වේලාවක් එසේ උණුසුම් හා දැඩි ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.
ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු එ.ජා.ප.යේ සහ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ජනාධිපති නිල කාමරයට ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කොට ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට ආපසු කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබේ. ඒ ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් අගමැති ප්‍රමුඛ එ.ජා.ප.ය අනවශ්‍ය ලෙස විවේචනය නොකිරීමටත් එ.ජා.ප. මැති ඇමැතිවරුන් අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීල.නි.ප. විවේචනය නොකිරීමටත් එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය.
ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ. දෙවැනි වරටත් කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගෙන ඇත්තේ ඉන් පසුවයි.
supirigossip.com
Wednesday, January 17, 2018
බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ කතාව මෙන්න….
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment