කතානායක කරූ ජයසූරිය සහ ජනාධිපතිවරයා අතර රහස් සාකච්ඡාවක් සිදුවී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග හරහා වාර්තා වූ බව ජාතික පුවත් පතක් හෙළිකරනවා.
ජනාධිපතිවරයාට එරෙහිව එජාපය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සුදානමක් තිබෙන බව සැළවීමත් සමගම ඊට මුහුණදීමට අවශ්‍ය කටයුතු ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ මුලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මකවන බවයි එම පුවත්වාර්තා අනාවරණය කර සිටින්නේ.
එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් ඊට මුහුණදෙන ආකාරය පිලිබදව කතානායකවරයා සමග සාකච්චා කර ඇති ජනාධිපතිවරයා එජාපයේ සිටින මෛත්‍රී හිතවාදී මන්ත්‍රීවරු සමග එක්ව නව රජයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර පිහිටුවන නව රජයේ අග්රාමාත්යධූරය කරූ ජයසූරිය මහතාට ලාබාදීමට පොරොන්දු වී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
No comments:
Post a Comment