විවාහය මාස තුනකට සීමා වන්නේ ඇයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 25, 2018

විවාහය මාස තුනකට සීමා වන්නේ ඇයි?


විවාහය ඉතා උතුම් දෙයකි. පැරණි අය කියන විදිහට විවාහය යන අකුරු හතර තුළද තේරුමක්‌ ඇත. වි යන්න විශ්වාසය, වා යන්න වාසනාව, හ යන්න හරිමය. ය යන්න යස ඉසුරු මත ගොඩනැඟී ඇති බව පුරාණ මතයයි. ඊට විරුද්ධ වීම යුක්‌ති සහගත නැත. විශ්වාසය, වාසනාව හරිමඟ යස ඉසුරු විවාහය තුළ තිබිය යුතුය. 
 
 නමුත් විවාහ වී මාස තුනක්‌ වැනි සුළු කාලයක්‌ තුළදී දික්‌කසාදවලට යොමු වන්නේ නම් ඊට හේතුවක්‌ ඇත. පොරොන්දම් යනු පෙරදම් යන වචනය මුල් කර සැදුන දෙයකි. පෙරදම් කියන්නේ පෙර කුසල අකුසල දෙක මත ගොඩනැඟුන දෙයකි. විවාහය 20 පොරාන්දම් මත සීමා වූ දෙයක්‌ නොවේ. එය විවාහයේ හොඳ නරක බලන එක්‌ අංගයක්‌ පමණි. තවත් බැලිය යුතු වටිනා දේවල් රැසක්‌ විවාහයක්‌ තුළ ඇත. එය දන්නේ තුන්වැනි ඇසක්‌ ඇති ප්‍රවීණ ජ්‍යෙdතීර් විද්‍යා විශාරද මහතෙක්‌ පමණි. එය හරියට බලා ගැනීමට දීර්ඝ පරීක්‌ෂණයක්‌ කළ යුතුය. නමුත් ඊට අපේ උදවියට වේලාවක්‌ නැත. ඊට අවශ්‍ය මුදල් දීමටද අපේ මිනිස්‌සු මැලිකමක්‌ දක්‌වනු ඇත. නමුත් විවාහ උත්සව සඳහා හෝටල්වලට සහ රූපලාවන්‍ය ස්‌ථානවලට බොහෝ මුදල් වියදම් කරන අවස්‌ථාද මා දැක ඇත. විවාහ යන බැම්ම රැඳී ඇත්තේ විවාහ වන දෙදෙනා අතරය. මවට උවමනා විදියටවත්, පියාට උවමනා විදිහටවත්, සහෝදර සහෝදරියන්ට උවමනා විදිහටවත් විවාහයට අවසර දිය යුතු නැත. එම අයගේ අනු දැනුම අවශ්‍යය. නමුත් විවාහ වන දෙදෙනා හොඳට සිතිය යුතුය. තමාගේ අදහස්‌වලට අනිකා දක්‌වන කැමැත්ත මීට මුල් විය යුතුය. ගොනා ගොඩට මීමා මඩට වගේ යුග ජීවිතයක්‌ ගත කළ නොහැක. තවද විවාහයක්‌ වන්න් නිසි කල වයස පැමිණි විට ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහාය. එය හරියට ඉටු කරගන්න බැරි වුණ විට විවාහය දෙදරා යැමට බොහෝ සේ ඉඩ ඇත. ජ්‍යෙdතිෂයට අනුව ඊට අදාළ කරුණු රැසක්‌ තිබේ. ඒ සියල්ල මෙම ලිපියට ඇතුළත් කිරීම අපහසුය. නමුත් ඉන් ටිකක්‌ කියා දීම උචිතය. 
 
 සමහර කේන්ද්‍රවල පාප ග්‍රහ යෙදුම් තිබීමට පුළුවන. පෙර ආත්මවල කරන ලද අකුසල හේතු කොට පාප ග්‍රහවල පිහිටනු ඇත. එම පාප කේන්ද්‍රවලට පාප ග්‍රහ බල සහිත කේන්ද්‍ර හොඳට ගැලපෙනු ඇත. කේතු 7 වැන්න තුළ ඇති කේන්ද්‍ර හිමියන් විවාහයේ සතුට හකුළුවා තබන තත්ත්වයට පත් වේ. කේතුගේ හැටි හැමවිටම ඊට අදාළ දෙය හකුළුවා තැබීමය. කේතු තම ජන්මපත්‍රය තුළ දුර්වල වුණ විට හකුළුවා තබන ගතිය වැඩිය. විවාහ ස්‌ථානයක්‌ වන 7 වැන්න තුළ කේතු සිටිය විට විවාහ සැප හීන කරන බව කිව යුතුය. එම අයට විවාහ දිවිය නීරස කරන අවස්‌ථා බොහෝ තිබිය හැක. ඉතින් මුදල් වලින් මෙම ප්‍රශ්නය විස¹ ගත හැකිද? දෙමාපියන්ට මේ කරුණ වැටහෙන්නේ නැත. සමහර උදවිය විවාහ වී දින දෙක තුනෙන් ජීවිතය අසුන්දර පැත්තට යොමු කර ගන්නවා ඇත. මැරි මැරී ජීවත් වන්නේ කුමටද? කියා දික්‌කසාදයට මග පාදා ගන්නවා ඇත. නිතරම කේතු 7 වැන්න තුළ ඇති විට රාහු ලග්නය තුළ සිටියි. රාහු කේතු ඡායා ග්‍රහයන් (සෙවනැල්ල) උවත් කරන දේ හොඳ හෝ නරක දැනෙන්නට කරුණු ඇත. කුජ, සෙනසුරු 7 වැන්න තුළ සීටීම තුළින් ද බාධක එල්ල වන අවස්‌ථා ඇත. මේ මොන ග්‍රහයා වුවත් සිටින තත්ත්වය අනුව ප්‍රතිඵල දීම සිදුවේ. එසේ උනා කියා විවාහ නොවී සිටීමට උවමනා නැත. තමාගේ හඳහනට ගැලපෙන කෙනෙක්‌ කොහේ හරි සිටිනු ඇත. එය හරියට සොයා ගතහොත් ප්‍රශ්න මතුවන්නේ නැත. එකී කරුණ ජ්‍යෙdතිර්වේදියා සතු වැඩකි. හොඳ ද, නරකද කියා ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදියා හොඳට දන්නවා ඇත. නමුත් ජීවිතේ අවශ්‍යම දේවල් හොඳට බලා ගන්න අපේ අයට උවමනා නැත.
 
 ජීවිතයේ කාන්තාවක්‌ තුන් පාරක්‌ උපත ලබන බව ඉසිවරු කියා ඇත. මවු කුසින් බිහිවීම, මල්වර වීම, විවාහය ඒ උපත් තුන වනු ඇත. පිරිමියෙක්‌ දෙපාරක්‌ උපත ලබනු ඇත. මවු කුසින් බිහිවීම, විවාහය ඒ උපත් දෙක වේ. අයියගෙ කරදරයෙන් බේරෙන්න දෙමාපියන්ගේ සිත් සතුටු කරන්න කෙනෙක්‌ විවාහ විය යුතු නැහැ. තමාගේ සිතට හරියනවා නම් ප්‍රවීණ ජ්‍යෙdතීර්වේදියකුට එම කේන්ද්‍ර දෙක පෙන්විය යුතුය. සිදුවන දේ කේන්ද්‍රවල ඇති නිසා ඔබ ඇත්ත ඇති සැටියෙන් දකිනු ඇත. 20 පොරොන්දම් පමණක්‌ බලා විවාහයට තීරණ දීම හෝ ගැනීම හොඳ නැත. විෂ කන්‍යා දොaෂ කුජ දොaෂ, සඳුගෙන් දෙපැත්තේ ග්‍රහයන් නැති දොaෂය, කණවැන්දුම් දොaෂය වගේ දොaෂ ගණනාවක්‌ තිබේ. එය හරියටම බලාගත යුතුය. එම දොaෂ ඇතත් එය භංග වන කරුණු ද ඔබේ කේන්ද්‍රය තුළ තිබීමට පුළුවන. එම නිසා කේතු 7 වැන්න තුළ සිටියා කියා බිය විය යුතු නැත. අන් පාප ග්‍රහයන් ද එසේමය. ආලය, ආදරය, කාමය රාගය හකුලුවා තබන විට එවන් ග්‍රහ පිහිටීම් ඇති අයෙක්‌ම විවාහයට තෝරා ගැනීම ඉතා උචිතය. පනින්ට පෙර හොඳට සිතා බලන අයට වරදින අවස්‌ථා අඩුය. ඔබේ විවාහය හොඳට සොයා බලා කරගන්න. නැති නම් අපා දුක්‌ විඳීමට සිදුවන බවද හොඳට මතකයේ තබා ගන්න.
 

No comments:

Post a Comment

Post Bottom Ad