පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කර මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන වායුගෝලීය පද්ධතිය ‘‘ ඕකී’’ ලෙස නම් කර තිබෙනවා. සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද
එහි ගමන්මග පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙම සුළි කුණාටුව මේ වනවිට ශ‍්‍රී ලංකාවට බටහිර දෙසින් අරාබි මුහුදු ප‍්‍රදේශයේ කොළඹ සිට කිලෝමීටර් 600ක් පමණ ඈතින් ස්ථානගත වී තිබෙනවා. ඒ අනුව එහි බලපෑම ශ‍්‍රී ලංකාව කෙරෙහි ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලූයම 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වනවා.
Friday, December 1, 2017

‘‘ ඕකී’’ පිටව යයි! අදත් වැස්ස සමග සුළඟ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment