ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්.
හපුතන්ත්රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණා. විනිසුරුවරයා නියෝග කළේ ඔහුට වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමටයි. ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ද නියම කෙරුණා.
මෙම නඩුව විභාග කෙරුණේ 07 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේයි. දඬුවම් නියම කිරීමේ නියෝගය ලබාදෙන විට ඊයේ රාත්‍රී 7.30ද පසුවී තිබුණා. අදාළ ඝාතනය සිදුවුණේ 2015 වසරේ මාර්තු මස 26 වනදායි.
Friday, December 1, 2017
ජනපති සොයුරු ඝාතකයාට දුන් දඬුවම
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment