ගංගොඩවිල මෙත් සෙවණ රජයේ නිවර්තන නිවාසය තුළ අවුරුදු එකයි මාස හතරක් වයසැති පිරිමි දරුවකු අභිරහස් ලෙස මියයාම වෛද්‍ය පරීක්ෂණ තුළින් සාහසික ඝාතනයක් ලෙස අනාවරණය වී තිබීම ගැටලු මතු කර ඇත. මියගිය බිලිඳාගේ ගොළු මව විසින් කිරි බෝතලයකින් හිසට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධියට අදාළව කථන ආබාධ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් මියගිය බිලිඳාගේ ගොළු මවගෙන් තොරතුරක් ලබා ගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථකවී තිබේ. අයාලේ ගැවසෙන කාන්තාවන් අධිකරණ නියෝග මත රඳවා තබා ගැනීමට මෙම නිවාසය භාවිතා කරනු ලබන අතර මෙම ගොළුමව දරුවාද සමග ඳවා ඇත්තේ ඒ අනුවයි. පසුගිය 29 වැනිදා
දරුවාගේ හිස, පපු ප්‍රදේශයේ තැලීම් තුවාල සලකුණු සහිතව දරුවා කාමරයක මියගොස් සිටියදී හමුව ඇත. කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට දරුවා ඇතුළු කරන විටත් මියගොස් තිබුණි.
මියගිය දරුවාගේ ගොළු මව විසිහතර හැවිරිදි තැනැත්තියක බවත් ඇයට නිරතුරුව කේන්ති යන බවත් ඇය මානසික රෝගාබාධයකින් පෙළෙන නැතැත්තියක බවද කරැණු අනාවරණය වී තිබෙයි. මියගිය දරුවාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ප්‍රසාදිනී සෙනරත් විසින් පවත්වනු ලැබු අතර මරණය හිසට හා පපුවට මොට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ තැලීම් තුවාල හේතුවෙන් සිදුවූවක් බව තීරණය විය.
ගොළු මව සිටි කාමරයේ සිටි තවත් මවකගෙන් සහ පාලිකාවකගෙන්ද සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර සැකකාරියව අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වේ. මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Wednesday, November 8, 2017
මෙත් සෙවණ නිවාසයේ බිළිඳෙකුගේ හදිසි මරණය තාම අභිරහසක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment