මධුසමය ගත කළ හෝටල් කාමර දොරේ සිදුරු දෙකක් ගැන පොලිසියට පැමිණිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 8, 2017

මධුසමය ගත කළ හෝටල් කාමර දොරේ සිදුරු දෙකක් ගැන පොලිසියට පැමිණිලි

අලුත විවාපත් යුවළක් මධුසමය ගත කිරීමට ඉල්ලුම් කළ හෝටල් කාමරයක යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක් දක්නට ලැබුණ බවත් එයින් හෝටල් සේවකයින් නැරඹුම් කරන්නට ඇතැයි හෝ වීඩියෝ දසුන් ලබාගත් බවට සැක යයි කියමින් මෙම යුවළ කුලියාපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුව එහි ගොස් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ද එම කාමරයේ දොරෙහි ඇස තබා බැලීමේදී පූර්ණ වශයෙන් යහන දිස්වන පරිදි සකසා තිබූ සිදුරු දෙකක් දක්නට ලැබී ඇත.

සොකෝ නිලධාරීන් දිගින් දිගට සිදුකළ පරීක්‍ෂණවලදී නව යුවළ නැවතී මධුසමය ගත කළ බැව් කියන අදාළ කාමරයට යාබද කාමරයේ ද එවැනිම ආකාරයේ සිදුරු දක්නට ලැබී ඇති අතර ඒ පිළිබඳව ද තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බැව් පැවැසීය. මනාල මහතාගේ ඥාතීන් පැවැසුවේ දැඩි විශ්වාසයෙන් යුක්තව මෙම හෝටලයේ කාමරයක් වෙන්කරවා ගත් බවත්, යම් හෙයකින් නව යුවළගේ වීඩියෝ දසුන් පටිගත කිරීමක් සිදුකර ඇත්නම් දෙපළගේම අභිනවයෙන් ඇරඹි යුගදිවිය අවසන් වීමට
මෙවන් ආයතනවල පවතින මෙවැනි බියකරු ගැටලූ නිසා සිදු විය හැකි බවයි.

හෝටල් සේවකයන් පවසන්නේ කාමරය වෙන්කරවා ගැනීමට නව යුවළ අත්තිකාරම් මුදල් ගෙවා තිබුණ ද ඉතිරිය ගෙවා දැමීම වළක්වා ගන්නට එවැනි චෝදනාවක් සිදු කළ බවට සැක උපදින බවකි. තම හෝටලය ප්‍රදේශයේ කිර්තිමත් හෝටලයක් බවත් කිසිදිනක එවන් චෝදනාවක් සිදු නොවුණ බවත්, නීතියෙන් තම පාර්ග්වයට මෙන්ම නව යුවළටත් සාධාරණය ඉටුවෙනු ඇතැයි තමන් දැඩිව අපේක්‍ෂා කරන බවත්ය. කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)

No comments:

Post a Comment

Post Bottom Ad