“ග‍්‍රාමශක්ති” ව්‍යාපාරය අද ජනගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

“ග‍්‍රාමශක්ති” ව්‍යාපාරය අද ජනගත කරයි

“ග‍්‍රාමශක්ති” ව්‍යාපාරය අද ජනගත කරයි
දිළිඳුකම පිටුදැකීමේ “ග‍්‍රාමශක්ති” ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය අද (20) ප.ව 2.00ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂයේ දී දිළිඳුකමින් තොර ශී‍්‍ර ලංකාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් තිරසර සංවර්ධන දැක්ම මේ වන විට සකස් වෙමින් පවතී.

ශී‍්‍ර ලාංකික ජනතාවගේ සැබෑ නිදහස හා සමානාත්මතාව පිළිබඳව ප‍්‍රාර්ථනය යථාර්ථයක් කරනු පිණිස රටේ බහුතරයක් වන බල රහිත ජනතාව ආර්ථිකමය හා සමාජමය වශයෙන් බල ගන්වනු වස් 2017 වර්ෂය දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම් කරන්නට යෙදිණි. ඒ අනුව දැනට අප රට තුළ පවතින දිළිඳුභාවය සඳහා හේතුවන අභියෝග අවබෝධ කර ගනිමින් ඒ සඳහා තිරසර විසඳුම් මූලික කරගත් පිළිතුරු සකස් කිරීමට ජාතික වැඩපිළිවෙළක් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මුළු දිවයිනම ආවරණය වන පරිදි කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දිළිඳු ජන සංඛ්‍යාව වැඩි වශයෙන් ජීවත්වන දිස්ති‍්‍රක්ක වෙත ප‍්‍රමුඛතාව ලබා දෙමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවෙන අතර ආරම්භයේදී ගම් 1000 ක් ආවරණය කරමින් 2020 වර්ෂය වන විට ගම් 5000 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදු වේ. දැනට ප‍්‍රජා පාලිත ග‍්‍රාම සංවර්ධන ප‍්‍රවේශය අනුගමනය කරමින් සෑම ජන කොට්ඨාසයකටම සමාන අවස්ථා සැලසෙන සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණයි. 

ග‍්‍රාම නිලධාරි වසම් තුළ ජීවත්වන පූර්ණ සහ සාපේක්ෂ දිළිඳු කණ්ඩායම්වල ජීවන අවශ්‍යතා, කාන්තාවන්ගේ සහ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවන අවශ්‍යතා, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පීඩාවට පත්වූ ජන කණ්ඩායම්වල ජීවන අවශ්‍යතා, වෙනත් ආකාරයකින් සවිබල ගැන්විය යුතු කණ්ඩායම්වල සහ ව්‍යවසායකත්වය සහිත හෝ ව්‍යවසායකත්වයට එළැඹීමට ඇවැසි පුද්ගලයන්ගේ ජීවන අවශ්‍යතා මෙන්ම ප‍්‍රදේශයේ ජනතාව ණය බරින් මුදවාලීමට ඇති අවස්ථා, ව්‍යවසායකත්වය සඳහා වන ප‍්‍රාග්ධනය සපයා ගැනීමේ අවස්ථා සහ හදුනාගෙන ඇති ජීවන මාර්ග සැපයීමේ අවස්ථාවන්ගේ තිරසරභාවය පිළිබඳව මෙහිදී ප‍්‍රමුඛ අවධානය යොමු කෙරේ.

එසේම ග‍්‍රාමශක්ති වැඩසටහන දැනට කි‍්‍රයාත්මක දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් අගයමින් ඒවා සමග එක්ව කි‍්‍රයාත්මකවන ජනතා ව්‍යාපාරයක් වන අතර රාජ්‍ය අංශයේ ජනතාවගේ සහ පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් දිළිඳුකම දුරලීම සඳහා කි‍්‍රයාත්මක කෙරෙන සාමුහික වැඩපිළිවෙළක් වනු ඇත. ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙම ජාතික උත්සවයේදී සිදු කෙරෙන අතර 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව කි‍්‍රයාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග‍්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad