බැංකු සේවිකාවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා කොල්ලකරුවන්ගෙන් මුදල් වැඩිකොටස බේරෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

බැංකු සේවිකාවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා කොල්ලකරුවන්ගෙන් මුදල් වැඩිකොටස බේරෙයි

සම්පූර්ණයෙන්ම මුහුණ වැසෙන සේ ආරක්‌ෂිත හිස්‌ වැසුම් පැළඳ ගිනි අවි සමඟ පාදුක්‌ක ප්‍රදේශයේ බැංකුවක්‌ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් නොමඟ යවා එහි තිබූ මුදල් ආරක්‌ෂා කරගත් බැංකු සේවිකාවක්‌ සම්බන්ධයෙන් පාදුක්‌ක පොලිසියෙන් වාර්තා වේ. පොලිසිය පවසන පරිදි පාදුක්‌ක ලියන්වල ප්‍රදේශයේ හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුව මෙලෙස ගිනි අවි පෙන්වා බියගන්වා කොල්ල කා ඇති බවයි.

කොල්ලකරුවන් මුහුණ කට වැසෙන සේ රෙදි ආවරණයකින්ද වසා ගැටගසාගෙන එහි බැංකුවේ මුදල් කවුන්ටරය වෙත පැමිණ මුදල් හා රන් භාණ්‌ඩ ඉල්ලා ඇති අතර එහිදී කිසියම් ගිනි අවියක්‌ ද එල්ල කර ඇති බව පොලිසිය පවසයි. එහිදී සේප්පුවේ තිබූ රුපියල් ලක්‌ෂ දෙකකට ආසන්න මුදල එම බැංකු සේවිකාව මගින් පසෙකට දමා ඇති අතර ලාච්චුවේ තිබූ රුපියල් හතළිස්‌ තුන්දහසක මුදල් කොල්ලකරුවන් විසින් කොල්ල කා පලා ගොස්‌ තිබිණි.

එම සිද්ධිය වන අවස්‌ථාවේ බැංකුවේ සිටි තවත් නිලධාරිනියක්‌ තම සහෝදරකු සමඟ ජංගම දුරකථන සංවාදයක සිට ඇති අතර බැංකුවේ සිදුවන සිදුවීම එම දුරකථනයේ අනෙක්‌ පස සිටි සොහොයුරු ඇහුම්කම් දීමෙන් අනතුරුව ඔහු විසින් මේ බව පාදුක්‌ක පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය එහි පැමිණෙන විටත් කොල්ලකරුවන් පලාගොස්‌ තිබිණි. කොල්ලකරුවන් පලාගිය මාර්ගයේ සී.සී.ටී.වී කැමරා දත්ත පද්ධති ඔස්‌සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ කරන අතර පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එච්. ඒ. ගුණරත්න මහතාගේ උපදෙස්‌ මත පරීක්‌ෂණ පවත්වයි.

ඔරුවල - සරත් ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *